Adbrite

Tuesday, August 28, 2012

Cool Gadgets. හැන්ඩි සුකුරුත්තම් Vivid Colour Moon Light

Vivid Colour Moon Light




ඔයාට ඕනේ වෙලාවට ඔයාගේ  room එකේ colour එක වෙනස් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳ ද? ඒකට නියම විසදුමක් තමයි මේ ලස්සන  bulb එක. ගෙදර party එකක් තියෙනවනම් හෝ යාලුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා පොඩි විනෝදයක් ලබනවානම් ඊට අවශ්‍ය වයිවර්ණ ආලෝකයෙන් සමන්විත  පරිසරය හා වටපිටාව ලබාදෙන්න මේ පහනට පුළුවන්ලු. විවිධ වර්ණ 8 කින් යුක්ත මේ පහනට එක වරකට එක වර්ණයක් හෝ වර්ණ 8 ම එකවර දක්වන්න හැකිලු.

LED  වලින් හදල තියෙන නිසා වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි අයුකාලයකුත් තියෙනවා. පරිගණකයේ USB සොකෙට් ඒකට ගහල ආරෝපණය කලාම පැය 3 ක් විතර ආලෝකය ලබාදෙන්න මේකට පුළුවන්. ඊට වඩා වැඩි කාලයක් අවශ්‍ය නම් දිගටම USB එකටම ගහල තියන්න හැකියි. සමහර කුඩා දරුවනට නිදා ගන්න රැට කාමරේ යන්තම් එළියක් අවශ්‍යයි. ඉතින් ඒ වෙලවතත් මේ පහන ඉතාම ප්‍රයෝජනවත්. පහනේ battery බැහැලාම යනකන් පත්තු වුණාකියල පහනට අවුලකිත් නැති නිසා නිවන්න කරදර වෙන්න උවමනාවක් නැහැ.

මේ පහන මිල නියම කරලා තියෙන්නේ යුරෝ 25 කට.

No comments:

Post a Comment