Adbrite

Monday, September 24, 2012

Internet Money - Adsense Google ගිණුමක් හදා ගනිමු.

මුලින්ම බලමු Google Adsense කියන්නේ කුමක්ද කියල?

Google Adsense කියන්නේ blogs හෝ වෙබ් අඩවි පවත්වාගෙන අයට තමන්ගේ වෙබ් අඩවිය තුළ වෙළෙඳ දැන්වීම් පළ කර ගත හැකි ආකාරයක්. මේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වන්නේ ඔබේ සයිට් එකේ තියෙන තොරතුරු වලට අදාලව. අපි හිතමු ඔයාගේ සයිට්/බ්ලොග් එකේ තියෙන්නේ "පොත් පත්" ගැන නම්, Adsense සමාගම පෙන්වන්නේ පොත් පත් වලට අදාල ads . ඉතින්  මේ ads මත කවුරු හරි ක්ලික්  කරනවා කියන්නේ ඔබට මුදල් ලැබෙනවා කියන එකයි   ඒ විතරක් නෙමෙයි ඔබට ඔබේ සයිට්/බ්ලොග් එක තුළ search bar එකක් පවත්වාගෙන යාමේ පහසුව ද ලැබෙනවා. කවුරු හරි ඒකෙ search කරත් ඔයාට මුදල් ලැබෙනවා. තවත් ගොඩක් වාසි තියෙනවා. ඒවා පස්සේ වෙන posts වලින් දාන්නම්.  සරලවම ගත්තොත් Adsense කියන්නේ සල්ලි ආකර කියල Google Adsense පාවිච්චි කරන හැමෝම දන්නවා. ඉතින් ඇයි තව බලන් ඉන්නේ?  ඔබත්  අදම Adsense ගිණුමක්  අරඹන්න . 



මන් මේ post එක අරම්බ කරන්නම හිතුවේ, ගොඩක් දෙනෙක් Google Adsens කියන්නේ මොකක්ද කියලා අහල එවපු නිසයි. සමහර අය අන්තර්ජාලයේ තියෙන නොයෙක් sites වලට රැවටිලා. සමහර අයට තේරෙන්නේ නැහැ කොහොමද Adsense ගිණුම approve කරගන්නේ කියල. මේක 100% කම නොමිලේ කරන්න පුළුවන් දෙයක් කියල තවත් අය දන්නේ නැහැ.  කවුරු හරි ඔයාගෙන් Google Adsense ගිණුමක් ආරම්බ කරන්න සල්ලි ඉල්ලලා තියෙනවද? රැවටෙන්න එපා. එත් අද ඔබ දැනගනීවි Google Adsense කියන්නේ 100% නොමිලේ කරන්න පුළුවන් දෙයක් කියල.


හරි පටන් ගනිමු.


පියවර 1

(මේ පියවර ඔබට මග හරිය හැකියි )
මුලින්ම කරන්න තියෙන්නේ Adsense සමාගමේ නීති රෙගුලාසි වලට යටත් වෙන එක. ඒක හින්ද මේ පිටුවට ගිහින් ඒ ටික හොඳට කියවල දැනුවත් වෙන්න. ඒවාට පිටින් ගියොත් ගිණුම අත්හිට වේවි.

පියවර 2

දැන් Google Adsense web site එකට යන්න. ඒ සඳහා මෙතන ක්ලික් කරන්න.
ඒකෙ ඉහල දකුණු කෙළවර තියෙන "Sign Up Now " ක්ලික් කරන්න.

පියවර 3

දැන් ඔබට google Account එකක් තියෙනවද කියල අහවි!  ඔයාට Google Account එකක් තියෙනවනම් වම් පැත්තේ පහල කෙලවරේ තියෙන නිල පාට  button එක ක්ලික් කරන්න ("Yes use ******@gmail .com ) ඊට පස්සේ ඔයාට නැවතත් Log In වෙන්න සිදු වේවි.

Google Account එකක් නැත්නම් දකුණු පැත්තේ නිල පාට button  එක ක්ලික් කරලා අලුත් එකක් හදාගන්න.


පියවර 4

දැන් ඔබවෙත ලබාදෙන form එක පුරවන්න. මේකේ මුලින් අහන්නේ ඔයාගේ බ්ලොග්/වෙබ් සයිට් ඒකෙ URL එක.
ඊට පස්සේ භාෂාව තෝරාගන්න. එකට English දාන්න.

අන්තිමට යට තියන වාක්‍ය හොඳින් කියවන්න. ඒකෙ ඉස්සරහින් තියෙන box එක  ඇතුළේ හරි ලකුණක් දාන්න.


(
I have read and agree to abide by our program policies, and understand that failure to comply with the policies could lead to ads or my account being disabled permanently.)
අවසානයේ "Continue " button එක ක්ලික් කරන්න.

පියවර 5
ඊට පස්සේ ඔබට ලැබෙන form ඒකෙ පුරවන්න. සත්‍ය තොරතුරු ලබාදෙන්න. මෙයට ඔබේ නමේ, රට, මුදල් ලැබෙන ලිපිනය, ආදී සම කරුණක්ම ඇතුලත් වෙනවා. අවසානයේ submit button එක ක්ලික් කරන්න.

හරි දැන් අපේ කාර්යන් සියල්ල කරලා අවසානයි. දැන් ඉතින් ඔයා ලබාදුන්නු තොරතුරු වලට අනුව Adsense සමාගම ඔයාව සුදුසු දැයි තීරණය කරනවා. ඒ  අනුව ඔයාගේ application ඒක approve වුනාද නැද්ද කියල ඔයාගේ Gmail එකට email එකක් එවි. Aprove වෙලා නැත්නම් යවපු application ඒකෙ කොහේ හරි වැරැද්දක් ඇති. නැත්නම් එහෙම වෙන්නම බෑ.

හරි දැන් ඔයා Google Adsense ගිණුමක් හදාගෙන ඉවරයි. දැන් තේරුණා නේද Adsense කියන්නේ 100%ම නොමිලේ ලැබෙන එකක් කියල?





1 comment:

  1. If you are looking for a solid contextual ad network, I recommend you take a peek at ExoClick.

    ReplyDelete