Adbrite

Thursday, September 6, 2012

ඇස් බැඳුම්- මායම්

අපි ඇත්ත ලෝකේ දකින සමහර ඒවා අපේ මොළය තේරුම් ගන්නේ වෙනස් ආකාරවලට. ඒ කියන්නේ, ගොඩක් වෙලාවට අවට පරිසරයේ තියෙන අනික් වස්තු එක්ක සසඳලා තමයි ඔබ දකින දේ තේරුම් ගන්නේ. මේක නිසා සමහර දේවල්වල ප්‍රමාණය, වර්ණය, දීප්තිය ආදිය වෙනස්වෙලා  පෙනෙන්නේ. සමහර වෙලාවට ඔබට ඇතැම් දේවල් නොපෙනි තියෙන්නත් පුළුවන්. මේ නිසා බොහෝ විනෝදජනක දේවල් සහ  පින්තුර පවා බිහිවෙලා තියෙනවා. ඉතින් අද මන් හිතුවේ එහෙම ඇස් බැඳුන් ටිකක් ඔබට පෙන්නන්න.
මේ රුපයේ පෙනෙන්න තියෙන කොටු ඇද වෙලා වගේ නේද පෙනෙන්නේ?එවුනට ඒවා ඇත්තම සමචතුරශ්‍ර. කොහොමද වැඩේ?  යමු ඊලග  එකට 





මේ ඉහල රුපය කවදාවත් ඇත්ත ලෝකයේදී නිර්මාණය කරන්න බැරි අතාත්වික දෙයක්. මේකේ තිරස්ව තියෙන කනුව, දෙපස තියෙන සිරස් කණු 2 ට සම්බන්ද වෙලා තියෙන හැටි බලන්න. පෙනෙන විදිහට හරි ලේසියෙන් හදන්න පුළුවන් කියල හිතුවට, කවදාවත්ම බැරි දෙයක්. 





 මේකට කියන්නේ රූබින්ගේ මුහුණ කියල. මේක ඔයාට පෙනෙන්නේ මල් වාස් එකක් විදිහටද එහෙම නැත්තම් එකිනෙකා දෙස බලන් ඉන්න මිනිසුන් දෙදෙනෙකුගේ මුහුණු 2ක් විදිහටද? 


 මේකේ මැද්දේ තියෙන කළු තිත දිහා බලාගෙන මුහුණ මොනිටර් එකේ තිරය දෙසටත් ඉන් ඉවතටත් ගෙන යන්න. මොහොක්ද වෙන්නේ? වටේ තියෙන ඒවා තිත වෙත එන ආකාරයත් ඉවතට යන ආකාරයත් පෙනෙනවා නේද? පට්ටයි නේ? 





 මේ ඉරි වැටිච්ච රුපය දිහා බලාගෙන හිස දෙපසට වන්න. මොක්කක්ද ඇතුලෙන් පෙනෙන්නේ?








ඔබ හිතන්නේ මේ ගොඩනැගිල්ලේ කණු කීයක්‌ තියෙනවා  කියලද? 






මේ පෙරළෙනවා වගේ පෙනෙන ගෝල 2න් කුමන එකද විශාලම එක? ඇත තියෙන එක ලොකුවට පෙනුනට 2ම විශාලත්වයෙන් සමානයි. 





මේකත් අපුරු එකක්. මේ සමනලයගේ මැද තියෙන කතිරය දිහා තත්පර  30ක් විතර බලාගෙන ඉන්න. ඊට  පස්සේ සුදු  බිත්තියක් දිහා බලන්න. එවිට සමනලයා බිත්තියේ ඉන්නවා වගේ තමයි ඔයාට පෙනෙන්නේ.






 ආඃ මේ මොකක්ද? ට්කක් පරණ තලේ කාර් එකක්. කාර් එකේ අමුත්තක් පෙනෙන්නේ නැද්ද? මට නම් වෙලාවකට පෙනෙන්නේ කාර් එකේ front view එකක්. තවත් වෙලාවකට side view එකක්. මේකේ අමතර රෝදයයි ඉස්සරහ veeduruvayi   නිසා තමයි ඉස්සරහට තියෙනවා වගේ පෙනෙන්නේ. ඒ වගේම පැත්තට තියෙනවා වගේ පෙනෙන්නේ, මේකේ රෝද 4 තියෙන විදිහ හින්ද. 



මේක නම් ඇත්තම එකක්. මේක තියෙන්නේ ස්පන්නයේ(Spain කියන රටේ) තියෙන අක්වලන්තය කියන උද්‍යානයේ. නරභාන්නන එන අයට පෙනෙන්නේ මේ කරාමය අහසේ පාවෙමින් තියෙනවා වගේ. ඒවුනාට ඇත්තටම වෙලාතියෙන්නේ ඒක නෙමෙයි. කරාමයේ වතුර එන තැනින්ම පොකුණේඉඳල  ඉහලට ගිය නලයක් මගින්ම තමයි කරාමය රදවාගෙන තියෙන්නේ. වතුරට ඒ නලය වැහිලා තියෙන හින්ද තමයි කරාමය අහසේ පාවෙනවා වගේ පෙනෙන්නේ. 


 තව ටිකක් තියෙනවා. ඉඩ ලැබෙන විදිහට ඒවත් දාන්නම්.  මේවා නරඹපු ඔබට ස්තුතියි...!

No comments:

Post a Comment