Adbrite

Thursday, September 20, 2012

අගහරුගේ චන්ද්‍රග්‍රහණයක් - Exclusive Scientific News




පසු ගිය සතියේ කියුරියෝසිටි (Curiosity ) රෝවරයට ඉතා දුලබ ගනයේ සිදුවීමක් ඡායාරූප ගත කිරීමට අවස්ථාවක් ලැබිණි. ඒ තමයි, ෆෝබෝස් නම් අගහරුගේ චන්ද්‍රයෙක්, සුර්යයා හා අගහරු අතර කක්ෂයක යාම නිසා ඇතිවූ චන්ද්‍රග්‍රහණයක්.



එය ඉතාම උපක්‍රමශීලිව ගත ඡායාරූප යක්. පෘතුවිය හා අපේ චන්ද්‍රයාට (සඳ) සාපේක්ෂව ගත් කල ෆෝබෝස් හා ඩිමොස් යන චන්ද්‍රයන් අගහරුවලට ඉතාම ආසන්නව පිහිටයි. එනිසා ඒවා අහසේ අගහරු වටා ගමන් කරන වේගය සාපේක්ෂව වැඩියි. ඒකට ගතවෙන කාලයන් බැලූ විට, ෆොබෝස්ට පැය 8 ක්ද, ඩිමොස්ට පැය 30 ක්ද වෙයි.

පසුගිය බ්‍රහස්පතින්දා තමයි මෙය සිදුවුනේ.



(Curiosity Rover)



"අපි ඒක දැක්කේ ෆෝබෝස් හිරුගේ හැප්පෙන්න ඔන්න මෙන්න යනවා වගේ. ඒක අර්ධ චන්ද්‍රගහනයක්." මෙහෙම කියන්නේ අබ්යවකෂගාමියෙක් වන මාර්ක් ලේමොන් සහ Texas A&M විශවවිද්‍යාලයේ නියෝජිත පිරිසක්.


රෝවරය එහි වම් හා දකුණු කැමරා වලින් පින්තුර 600 කට වැඩ ප්‍රමාණයක් ගනු ලැබුව ද චන්ද්‍රග්‍රහණයේ අවස්ථා හසු කර ගැනීමට හැකිවී ඇත්තේ පින්තුර 100 ක් වැනි ප්‍රමනයකටයි. එම ගත් පින්තුර සියල්ලමත් පෘතුවියට ඒවා නැත.



අගහරු මතදී කියුරියිසිටි රෝවරයට සහය වීමට තවත් සගයෙක්ද අගහරු මත සිටි. අගහරුගේ අනික් පසින් ක්‍රියාත්මක වන ඔපචුනිටි(Opportunity ) කියන රෝවරයත් මෙම චන්ද්‍රග්‍රහණය හසු කර ගැනීමට උත්සහ කර ඇති බවත් සඳහන් වේ


මෙම ඡායාරූප වැදගත් වන්නේ එය චන්ද්‍රග්‍රහණයක් වූ පමණටම නෙමෙයි, එය විද්යන්ග්නයින්ට (scientist) අගහරුගේ අභ්‍යන්තර ව්‍යුහය අධ්‍යනය කිරීමට ද වැදගත් වේ. මෙම චන්ද්‍රයින්ගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා අගහරුගේ හැඩය ටිකෙන් ටික වෙනස් වන බවයි පැවසෙන්නේ.

(අගහරු මත)

තවත් වසර මිලියන 15ක් පමණ ගතවන විට ෆෝබෝස් චන්ද්‍රයා ද, අගහරුගේ ගුරුත්වාකර්ශනයට ලක්වී, අගහරු මතම වැදී සුනු විසුනුව යාමට විශාල ප්‍රවණතාවයක් ඇත. සුර්යා හා අගහරු අතර ෆෝබෝස් චන්ද්‍රයාගේ පිහිටුම දක්වන ව්‍යුහය , විද්යන්චයින්ට(scientist ) ෆොබෝස්ගේ කක්ෂය නිවැරදිව දන ගැනීමටත් එම කක්ෂය කොපමණ වේගයකින් වෙනස් වනවා ද යන්න දැනගැනීමටත් හැකියාව ලැබේ.

කියුරියිසිටි රෝචාරය අහස නිරීක්ෂණය මේ අගහරුවාදා නවත්වන ලද්දේ, චන්ද්‍රයන් 2ම එය පසුකරගෙන යාමෙන් අනතුරුවයි.

ලේමොන් පවසන ආකාරයට මෙය ඡායාරූප නගන්න ඉතාම අපහසු ක්‍රියාවක්. එයට ඉතාම නිවැරදි කාල නිර්ණ ක්‍රම අවශ්‍ය වෙනවා.

මීලග චන්ද්‍රග්‍රහණය සිදුවීමට ඇත්තේ තවත් මස 11කින්. එතෙක් කල් කියුරියෝසිට්ය් යානය හොඳ තත්වයේ පවත්වාගෙන යාමටත් අවශ්‍ය වෙනවා.

ඔන්න කියුව වගේම අදත් තවත් කාටත් වැදගත් වෙයි කියල හැගුනු scientific news එකක් දැම්ම. දැන් ඉතින් මට යන්න අවසරයි.

No comments:

Post a Comment