Adbrite

Tuesday, September 4, 2012

පරණ කාර් - රථ ගායට බෙහෙත් - Volkswagon Beetle

කාලෙකට පස්සේ අලුත්  ජාතියේ පොස්ට් එකක් දන්නා කියල හිතුනා. ලංකාවේ සමහරක් කට්ටියට ඉතින් කාර් පිස්සුව නොහොත් රථගය  නහුතෙටම තියෙනවනේ. කට්ටියක් කාර් modify කරන්න හදනකොට තවත් කට්ටියක් බලන්නේ කාර් එක original condition එකෙන්ම තියාගන්න. තවත් සමහර අය පරණ කාර් එකතු කරනවා. අද කාලේ බෙන්ස්, වොල්වෝ වගේ ලොකු වාහන භාවිතා කරන අය ගාවත් අවුරුදු 60, 70 පැරණි කාර් තියෙනවා. එකට හේතුව තමයි මේ කාර් වල තියෙන එතිහාසික වටිනාකම.

දැන් නම් පාරතොටේ අලුත් කාර් වැහි වහල. ඒවා ගැන ඉතින් හැමෝම කතා වෙනවනේ. එක හින්ද වැඩිය කතාබහට ලක් නොවෙන, නමුත් ගොඩක් දෙනා අහන්න කැමති පරණ කාර් ටිකක් ගැන විස්තර දාන්නයි බැලුවේ. මුලින්ම බලමු දැනටත් ගොඩක් ජනප්‍රිය කාර් එකක් වන Volkswagon Beetle එක ගැන.

Volkswagon Beetle 


මේක ලංකාවේ පාර වල නම් බහුලවම දකින්න පුළුවන් කාර් එකක්. සමහර අය race පදින්නත් ගන්නවා. ලක්ෂ 4ක් 5ක් වියදම් කරොත් නියමෙටම modify කරලා ගන්න පුළුවන්. සින්දු වලට වීඩියෝ හදන අවස්ථාවලදී පරණ කාර් වලින් නළු නිලියෝ යනවා දකක්ල ඇති නේද? ඒවගේ වෙලාවට මේ කාර් තමයි බොහොමයක්ම ගන්නේ.


ඉස්සර අපේ ගෙදරත් තිබුනේ මෙයින් එකක් තමයි. දැන් නම් නැහැ. විකුනපු එක නම් මෝඩ වැඩක් කියල දැන් තමයි තේරෙන්නේ. මේ කාර් එක මුලින්ම හදල තියෙන්නේ 1938 දී. එදා ඉදන් 2003 වෙනකම්ම  Beetle කාර්  නිෂ්පාදනය වුණා . ඒ හැම එකකම තිබුනේ එකම ස්වරුපය. නමුත් ඒවායේ පහසුකම් නම් ක්‍රමයෙන් වැඩි උනාලු.

මේ Beetle එකේ 1200, 1300, හා 1500 කියල models 3ක් ආවා. ඒවායේ එන්ජින් ධාරිතාවෙන් තමයි මේ models හදුන්වල තියෙන්නේ.  මේ කාර් එක තමයි ලෝකයේ වැඩියෙන්ම එක මොඩෙල් එකකින් වැඩිම ප්‍රමාණයක් හදපු කාර් එක. මේවා මුලදී ජර්මනියේ නිෂ්පාදනය කරලා පසුව බ්‍රසිලයේද නිෂ්පාදනය කරා.


ඒ කාලේ හැටියට ඉතාම සැපපහසු වාහනයක්. 1950 ගණන්වල හදපු beetle කාර් වල සැප පහසුව වෙනත් පොඩි  ඇමෙරිකන් කාර් වලට වඩා ඉතාම ඉහල මට්ටමක තිබුණු නිසා මේක ඇමෙරිකාවේ ප්‍රධානම පෙලේ අලෙවි වෙච්ච කාර් එකක්.
ඉස්සරහට ගියර් 4ක් ද පිටුපසට ගියර් 1ක් ද සහිත ගියර් පද්ධතියක් තමයි මේකට තියෙන්නේ. ගියර් දාන විදිහත් දැන් කාර් වල වගේමයි. වෙනසකට තියෙන්නේ රිවස් ගියර් එක දන්නා තියෙන්නේ ලිවර් එක ටිකක් පහලට එබීමෙන් පස්සේ.


මේකට තියෙන්නේ sportz කාර් වල පෙනුමක්. දොරවල් 2 යි තියෙන්නේ. එක හින්ද පිටුපස අසන වලට යන්න ඕනේ ඉදිරිපස ආසනය නවල. පසුපස විදුරු අරින්න බැහැ. එවුනට සමහර models වල නම් අරින්න පුළුවන් පොඩි වීදුරුවක් පිටුපස වීදුරුවේ කෙළවර තියෙනවා. ඒ කාලේ blowers තිබුනේ නැති නිසා ඉදිරිපස කන්නාඩි ගාවත් මේවගේ පොඩි විදුරු කැලි 2 ක් තියෙනවා ඕනේ පැත්තකට කරකවන්න  පුළුවන්.


මේකේ මේ අමුතු ජනෙල ක්‍රමය නිසා A /C  කරන්නත් හරිම පහසුයි. ඔරිජිනල්  මොඩෙල් එකේ A /C  තිබුනේ නැති උනාට දැන් ගොඩක් අය මේවා A/C  කරගෙන තමයි තියෙන්නේ. මේකේ engine එක තියෙන්නේ පිටුපස. එක හින්ද පසුපස එළවුම් රෝද තමයි මේවට තියෙන්නේ. ඩිකිය සහ අමතර රෝදය තියෙන්නේ ඉස්සරහ. මේකේ පිටිපස්සට සයිලන්සර් 2ක් තියෙනවා.

වොල්ක්ස්වගන් ආයතනය මේවනවිට මේ කාර් මිලියන 21ක් නිෂ්පාදනය කරලා තියෙනවා. අන්තිමට හදල තියෙන්නේ 2003 දී. එකේ තිබුනෙත් 1940 ගණන් වල හදපු Beetle කාර් එකේම පෙනුමමයි. එකෙන් හිත ගන්න පුළුවන් නේද මේකේ ජනප්‍රියතාවය කොච්චරද කියල?

2003 අන්තිමට හදපු කාර් 30 000 නම් කරලා තියෙන්නේ Última Edición හෙවත්  Final Edition කියලා. 2003 දී එහෙම නිෂ්පාදනය නැවැත්වීමට සිදුවීම ගැන වොල්ක්ස්වාගොන්  ආයතනය විශේෂ ශෝක දැන්වීම් ද පල කරලා තියෙන බවයි සැලකෙන්නේ.


තවත් කාර් ගැන ලියන්න තියෙනවා. ඉඩ තියෙන වෙලාවට VolksWagon Beetle එක ගැන තව විස්තර  දාන්නම්. ඊලග පොස්ට් එකේදී නැවත හම්බ වෙන කම් ඔබට සුභ දවසක්  !!!


No comments:

Post a Comment