Adbrite

Wednesday, September 19, 2012

ඕසෝන් ස්ථරයේ සිදුර කුඩා වෙයි-විද්‍යාත්මක ප්‍රවෘත්ති-(EXCLUSIVE )




ඕසෝන් ස්තරය යනු පෘතුවි වායුගෝලයේ ඉහළ ඇති ඕසෝන් නම් වායුවෙන් සැදුනු ප්‍රදේශයක්.ඉහළ බැලුවම නිල් පාටට ලස්සනට පෙන්නේ මේ ඕසෝන් ස්තරයයි. එය හුදෙක් ලස්සනට වඩා සුර්යගෙන් පතිත වෙන අහිතකර කිරණ වලින් පෘතුවියේ සිටින ජීවින් ආරක්ෂා කිරීමේ මහානුභාව සම්පන්න පලිහක් ලෙස ක්‍රියා කරයි. නමුත් 1980 ගණන්වල භාවිතා කරන ලද විවිද රසායනික ද්‍රව්‍යන් නිසා මෙම ඕසෝන් ස්තරය විනාශ වීම යාමේ බරපතල තත්වයක් මේ දක්වාම තිබුණි. විනාශවී යාමේ ප්‍රතිපලයක් ලෙස ඕසෝන් ස්ථරයේ විශාල සිදුරක් ද හටගෙන තිබුණි. නමුත් 2011 වසරට වඩා මේ වසරේදී එහි ප්‍රමාණය අඩු වී ඇති බවයි නවතම වාර්තා වලින් හෙළි වනුයේ.එය සියලු ලෝක ජනතාවට සුභ ආරංචියක් වන බව ඒකාන්තයි.



ඒ කෙසේවෙතත් සිදුරේ ප්‍රමාණය 2010 වසරට වඩා විශාල වන අතර , එය සම්පුර්ණයෙන්ම යථා තත්වයට පත්වීමට තවත් ඉතා විශාල කාලයක් (සියවස් ගණනාවක්) ගත වනු ඇත.


මිට වසර 25 කට පෙර ඇතිකර ගන්න ලද මොන්ට්‍රියල් ගිවිසුමේ, අරමුණ වුයේ එවකට, භාවිතා කරමින් තිබුණු, ඕසෝන් ස්තරයට වින කරන රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීමයි. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසුන් අතර මිලියන ගණනින් තිබුණු අක්ෂි පිළිකා හා චර්ම පිළිකා අඩු කරගැනීමට හැකි වූ බවයි එක්සත් ජාතීන්ගේ කාලගුණ සංවිදානය පවසන්නේ.


අර්ක්ටික් මහද්වීපයට ඉහළින් ඇති වායුගෝලයේ උෂ්ණත්වය හා අපවර්ති ගෝලයේ වලාකුළු වල පැතිරීම සම්බන්ධ තොරතුරු වලින් ලද නිගමන වලට අනුව, උක්ත සිදුර 2010 වසරට වඩා වැඩි මුත්, 2011 ට වඩා කුඩා බවයි ලෝක කාලගුණ සංවිදානය(WMO ) වරෙක නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වුනේ.



ඒ අනුව, වර්ග කිලෝමීටර මිලියන 19ක් වන සිදුර, මේ වසර අවසාන වනවිට වසර 2006 තිබුණු ප්‍රමාණයටත් වැඩ කුඩා වීමට ඉඩ ඇති බව එම සංවිදානය පවසයෝ. සාමාන්‍ය වාර්ෂික දත්ත වලට ඇහුව සිදුරේ වැඩිම වර්ගපලයක් සැප්තැම්බර් මාසයේද, වැඩිම ගැඹුරක් ඌච්ටෝබර් මස වලදීද නිරීක්ෂණය කල හැකිය.




එමෙන්ම ඔවුන් කියන ආකාරයට, 1980 ගණන්වල අප නොදැනුවත් කම නිසා භාවිතා කර, මේ වනවිට ඉහළ වායුගෝලයේ ඇති CFC (ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්) සම්පුර්ණයෙන්ම විනාශ වීමට තවත් සියවස් ගණනාවක්ම ගතවනු ඇත. එතෙක් කල්, මෙම රසායන ද්‍රව්‍ය, ඕසෝන් වියන නිරතුරුව විනාශ කරමින් තිබෙනු ඇත.එකල ශීතකරණ යන්ත්‍ර වල, ස්ප්‍රේ කන්(ස්ප්‍රය් කන්) වල මෙන්ම සුවඳ විලවුන්බෝතල් වලත් මෙම CFC අඩංගුව තිබුණි. (2000 වසරෙන් පසු CFC භාවිතය තහනම් කරන ලදී) වර්තමානයේ ද පැරණි ශීතකරණ හා වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු වලදී, CFC වායුගෝලයට නිකුත් විය හැකි වැඩි ප්‍රවණතාවක් ඇත.

No comments:

Post a Comment