Adbrite

Friday, September 21, 2012

Internet Money - Part 2 - Freelancing

Internet Money - FREELANCING 

 
අද මන් ලියන්න සිතුවේ ඔබේ හැකියා වලින් ප්‍රයෝජන අරන් අන්තර්ජාලයේ රැකියාවක් කරන ආකාරය සම්බන්ද විස්තරයක්. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ FREELANCING කියල. 

මෙවැනි වෙබ් අඩවි කිහිපයක්ම තියෙනවා. මේ වෙබ් අඩවි හැම එකේම වගේ ක්‍රියාකාරීත්වය සමානයි. සරලව ගත්තොත්, මේවායේ සාමාජිකත්වය ගත්තම, අපට පුළුවන් අපේ හැකියා, දක්ෂතා ඒවායේ දැන්වීමක් ලෙස පළ කරන්න. 

එතකොට අපගෙන් සේවාවක් ලබාගන්න කවුරු හරි කැමතිනම් ඔවුන්ට පුළුවන් අපව සම්බන්ද කරලා, අනතුරුව ගනුදෙනු කතාකරගන්න. මෙහිදී, ප්‍රථමයෙන් ඔබට මුදල් ගෙවනු ලබන අතර සේවාව නිසියාකාරව ලබා දීම ඔබේ යුතුකමක්. මෙයින් ඔබටත්, ඔබේ පරිබෝගිකයටත් දෙදෙනාටම වාසි අත්වෙනවා. 

එනමුත් මෙහිදී, වෙබ් අඩවි වලට යම් කොමිස් මුදලක් අප ලබා දිය යුතුයි. එය ගොඩක් වෙලාවට 10% වැනි ප්‍රමාණයක්. උදාහරණයක් නම්, ඔබේ ගනුදෙනුව $150 ක් නම්, වෙබ් අඩවියට $15ක් ලැබෙනවා.

මෙම වෙබ් අඩවි වල ග්‍රෆික් ඩිස්ය්නින්, ෆොටෝ එඩිටින් , video creating , proof reading , advertising , programming , doing homework  වගේ සරල ඒවා ට පවා තැනක් තියෙනවා.



 කොහොමත් මෙම අඩවි වල සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු, බොහෝ දෙනෙක් ප්‍රථම සතිය තුලම පවා &150 ට වඩා උපයන අවස්ථා තියෙනවා. එවුනට ඔබ නිකන් බලාගෙන සිටියට වැඩක් නෑ. ඒ සඳහා කැපවීමෙන්, නිසියාකාරව සේවය පරිබෝගිකයට ලබා දෙන්න ඕනේ, එතකොට ඔවුන් ඔබව තවත් අයට යෝජනා කිරීමද කරනවා. මෙය වෙබ් අඩවිය තුළ ඔබව ප්‍රසිද්ද වීමටත් හේතුවක්.

එහෙනම් මේ පහල තියෙන වෙබ් අඩවි වලට ගොස් සාමාජිකත්වය ලබා  ගන්න. ඔබට ඇතිවෙන ගැටළු සම්බන්දව comments දමන්න අමතක කරන්න එපා.  මම හැකි ඉක්මනනින් ඔබට සහය වන්නම්.


odesk වෙබ් අඩවියෙන් මුදල් ඉපයීමට මෙහි ක්ලික් කරන්න. 
freelancer වෙබ් අඩවියෙන් මුදල් ඉපයීමට මෙහි ක්ලික් කරන්න. 


Freelance Jobs

No comments:

Post a Comment